රනිල් නොසිටින්නට එජාපය තව තවත් කැඩි යනවා


එක්සත් ජාතික පක්ෂයට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු නොසිටින්නට පක්ෂය තව තවත් ඉහිරි යන්නට ඉඩ තිබූ බවත් අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ කිහ. උතුරු මැද පළාත් සභාවේ නව විපක්ෂ නායක කිංස් නෙල්සන් සහ එම පළත් සභාවේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම මහත්වරුන්  වැඩ බාර ගැනීමට පෙර නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදීය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් ඉවසීමේ ගතිය ඇති අයකු මා දැක නැහැ. පක්ෂයේ නායකයා හැටියට දැඩි තීන්දු තීරණ ගනු ලබන්නේ කිසිවකු සමග වෛරයෙන්, අමනාපයෙන් හෝ ක්‍රෝධයෙන් නොව පක්ෂය රැක ගැනීමේ අරමුණින් බව පෙනෙන බව ද නාහිමියෝ පැවැසූහ.