රනිල් දීපාවලියේ සැබෑ අරුත කියයි


අඟහරුවාදා සැමරෙන දීපාවලියේ අරුත අධර්මිෂ්ඨ අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකය දැල්වීම බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. සියලු සිත් සැනසූ මනුෂ්‍යත්වය හා යහපලානය රජයන පරිසරයක් ලොව පුරා උදා කිරීමටනම් අසත්‍ය දුරලා සත්‍යය ද, ක්‍රෝදය දුරලා සෙනෙහස ද , වෛරය දුරලා කරුණාව ද, නපුර දුරලා යහපත ද, පරාධීනත්වය දුරලා ස්වාධීනත්වය ද දල්වන්නැයි ඔහු කියයි.