රනිල්, සොර මුලට වැටුණ ගිරවා වගේ


 

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිට අද සිදුවී තිබෙන්නේ ජාතක කතාවෙි හොරු රැළ ලඟට වැටුණු ගිරවාට සිදු වූ දේ යැයි සමඟි ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

එදා ස්වාධීන රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ විදිය සහ රාජපක්ෂ කඳවුරට වැටුණු වික්‍රමසිංහ ක්‍රියා කරන විදිය දකින විට කනගාටු බවද රාජකරුණා මහතා කීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා කීවෙි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය සංවිධාන, ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල්  උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ වෙනත් අයකුගේ මූණ  බලලා නොව ආණ්ඩු කරන ආකාරය,රට ඉදිරියට ගෙනියන්නේ  කොහොමද? මානව හිමිකම් ආරක්ෂා කරනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවද? මාධ්‍ය නිදහස තිබෙනවා ද?යන කාරණා දෙස බලා බවයි.