උදයකාන්ත වර්ණසූරියගේ ”රන් කෙවිට” චිත‍්‍රපටයේ ජනිත් නගරයේ සිට සුරන්ගේ ගෙදරට රන් කෙවිට අරන් ආ කතාව ඔබට මතක ඇති. ඊට පස්සෙ රන් කෙවිට නිසා වෙච්ච දේවලූත් ඔබට මතක ඇති. එදා ඒ සිදු වීම් සියල්ල අපට දැක ගන්න ලැබුණෙ රන් කෙවිට පළමු චිත‍්‍රපටයෙනි. අද අපට එහි දෙවැන්න නරඹන්නට පුළුවනි. මෙවර සුරන් ගොපළු යකා සමග රන් කෙවිට අරන් ජනිත්ගෙ ගෙදරට පැමිණෙන අතර, එතැන් සිට සිදු වන අපූරු දේවල් සහ ජනිත් මෙන්ම සුරන් මුහුණ දෙන ත‍්‍රාසය, කුතුහලය පිරි දේවල් මොනව ද කියලා මෙම ”රන් කෙවිට - 2” චිත‍්‍රපටයෙන් නරඹන්න පුළුවනි.
කොහොම වුණත් සුරන් සහ ජනිත් යන මේ චරිත රඟපාන ළමා ශිල්පීන් දෙදෙනා ගැන පැවසීමටයි මේ සූදානම.
මෙම චිත‍්‍රපටයේ රඟපාන අවස්ථාවේ දී මේ දෙදෙනා ළමා කාලයේ පසු වුව ද, අද අපට හමු වන්නේ ගජ ඉලන්දාරි දෙදෙනෙකු හැටියටය. මේ දෙදෙනාගෙන් ජනිත් ලෙස රඟපාන හිෂාම් සම්සුදීන් නම් ඔබට අලූත් චරිතයක් නෙවෙයි. හිෂාම් අපට මුලින්ම හමු වුණේ වෙළෙඳ දැන්වීම් සමගයි. ඉන් පසුව අක්ෂරය, රන් කෙවිට පළමු වැන්න, පිටසක්වල කුමාරයයි පැංචො හතයි සහ බෝම්බ සහ රෝස චිත‍්‍රපටයෙත් ඔහු රඟපෑවා. හිෂාම්ගෙ දැන් වයස අවුරුදු 20කි. ලේඞ්න් පාක් ජාත්‍යන්තර පාසලෙන් ඉගෙන ගෙන උසස් පෙළට මුහුණ දීමෙන් පසුව හිෂාම් දැන් ගුවන් ප‍්‍රවේශපත්කරණය ගැන වැඩිදුර හදාරමින් සිටී.
හිෂාම් උපන්නෙ නම් මෙහි දී නෙවෙයි. එයාගේ මාපියන් ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටිය දී එහි දී තමයි ශිෂාම් උපන්නෙ. ඔහුට අක්කලා දෙදෙනෙකි. ඒ දෙදෙනාම විවාහකය. ටික කලකට පෙරදි පියා මිය ගියේය. මේ නිසා මව රැක බලා ගැනීමේ කටයුත්ත පැවරී ඇත්තේ ද හිෂාම්ටය. ඔවුහු මාලබේ පදිංචිව සිටිති.
”රන් කෙවිට - 2” චිත‍්‍රපටයේ සුරන් ලෙස රඟපාන හරිත් සමරසිංහ කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලබන දීප්තිමත් සිසුවෙකි. වයස අවුරුදු දහඅටක් පමණ වන හරිත් ලබන වසරේ දී උසස් පෙළට ගණිත අංශයෙන් මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඉගෙනීමේ කටයුතු කරයි. හරිත් පාසලේ වඩා ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු නිසාය. පසුගිය වසරේ දී රාජකීය - ශාන්ත තෝමස් මහ තරගයට ක‍්‍රීඩා කළ හරිත් රාජකීයයන් ජයග‍්‍රහණය කළ එම තරගයේ දී කඩුළු දෙකක් ද ලබා ගත්තේය. හරිත්ගෙ අරමුණ ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමය.
ඔහුගේ පියා මුළු රටම දන්නා චරිතයකි. හිටපු නාවික හමුදාපතිවරයකු මෙන්ම වත්මන් ඕස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන තිසර සමරසිංහ හරිත්ගේ පියාය. මව විශ‍්‍රාමික ගුරුවරියකි. එකම අක්කා මාස්හෝල්ඩින්ග්ස් සමූහයේ රැකියාවක නිරත වන්නීය.
හිෂාම්ට රඟපෑම අලූත් දෙයක් නොවුව ද, හරිත් මේ රඟපාන්නේ තමාගේ ප‍්‍රථම චිත‍්‍රපට රංගනයයි. මේ චරිතයට ඔහු දායක වුණේ කොහොම ද?
”උදයකාන්ත අංකල්ගෙ දුව අපේ අක්කගෙ හොඳම යෙහෙළියක්. දවසක් අපි නිවාඩුවකට ත‍්‍රිකුණාමලයෙ ගිහින් හිටියා. එදා තමයි උදය අංකල් මට යෝජනා කළේ මේ වගේ චරිතයක් තියෙනවා රඟපාන්න පුළුවන් ද කියලා. මම එය සතුටින් බාර ගත්තා. ළමා වයසෙදි නිසා එතරම් චකිතයක් දැනුනෙ නැහැ. අපි හරි විනෝදයෙන් ඒ චිත‍්‍රපටයෙ රඟපැවා.”
ඒ විදියට මෙම චිත‍්‍රපටයෙ රඟපෑමට එක්වූ හරිත්ගෙ හොඳ මිතුරකු ලෙස හිෂාම් නම් කරන්න පුළුවනි. ඒත් මේ දෙන්නා මේ විදියට එකට හමු වුණේ නම් චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලින් පසුවයි. එනම් අවුරුදු පහකට විතර පසුවයි. මේ හමුව ඒ මිත‍්‍රත්වය අලූත් කළා කිව්වොත් හරි. මින් පසු තවත් චරිත සඳහා ආරාධනා ලැබුණොත් හරිත් ඒවා බාර ගන්නව ද?
”ඒ ගැන අම්මාගෙන් සහ තාත්තාගෙන් අහන්න ඕනෑ. කොහොමටත් ඉස්සෙල්ලා අධ්‍යාපනය හොඳට කරන්න ඕනෑ.”
හරිත් ඒ ප‍්‍රශ්නෙට උත්තර දුන්නෙ එහෙමයි. හිෂාම් සුපුරුදු පරිදි හොඳ චරිතයක් ලැබුණොත් රඟපාවි. හිෂාම්ට ඒ විදියට රඟපෑමේ අවස්ථා උදා වුණේ ඔහුගේ නිවස පිහිටි මාලබේ අසල්වැසි ඇන්ටි කෙනෙකුගෙ පුතාලා නිසාලූ. ඒ පුතාලා කලාවට සම්බන්ධ නිසා මේ විදියට රඟපෑමේ වාසනාව ලැබුණලූ. විවේකයෙන් කාලය ගෙවන අතරේ අම්මාට උදව් කිරීම හිෂාම්ගේ සිරිතකි. හරිත්ගෙ පියා නාවික හමුදාපති ලෙස උසස් නිලයක් දැරූ නිසා ගෙදර සියලූ දේ සිදු වන්නෙ හමුදා පාලනය වගේ ද කියලා අපි හරිත්ගෙන් විමසුවෙමු.
”අපොයි ඔව්. තාත්තාට හැම දෙයක්ම ඉතාම පිළිවෙළට, ක‍්‍රමයකට, නීතිගරුකව, විනයගරුකව, ගෞරවනීය විදියට වෙන්න ඕනෑ. ඇත්තටම ඒක අපි ලැබූ භාග්‍යයක්.”
හරිත් තම පියා ගැන එහෙම කීවේ මහත් අභිමානයෙනි. පියා තානාපති සේවයේ යෙදීම නිසා ඔබ ආඩම්බරකාරයෙක් ද?
”අපොයි අපේ තාත්තා හරි නිහතමානී කෙනෙක්. අපට තියෙන්නෙත් ඒ නිහතමානීකම තමයි.”
ජීවිතය ගැන මේ දෙන්නා කොහොම ද හිතන්නෙ? හිෂාම් නම් කිව්වෙ සරලව, කාටවත් කරදරයක් නැතිව රටට වැඩදායි ලෙස ජීවත් වීම අරමුණ බවයි. හරිත්ගෙ නාමයෙහි තේරුම වන්නෙ හරිත පැහැය හෙවත් කොළ පැහැයයි. ගහ කොළ ද මේ ලෝකයට ලබා දෙන අරුත කෙතරම් ද, ඒ විදියට තමාගේ නාමය අර්ථවත් කර ගනිමින් ලෝකයට වැඩදායි චරිතයක් වීම ඔහුගේ ජීවන තේමාවය.
මේ දෙන්නට - දෙන්නගෙන් හොඳම ගුණ වගේම නරකම දේ මොකක් ද කියලා ඇහුවාම හිෂාම් හරිත් ගැන කිව්වෙ, එයා හොඳ මිතුරෙක්, ඕනෑ වෙලාවක උදව් කරන කෙනෙක් කියලයි. හරිත්ගෙ නරකම දේ නම් ටිකක් කට වැඩියි කියලා හිෂාම් හිනාවුණා. හරිත් හිෂාම් ගැන කිව්වෙත් ඒ විදියටම තමයි. කාටවත් නොකී රහසක් එහෙම තියනව ද ඇහුවාම, මේ දෙන්නම ඒකට උත්තර නොදී ලැජ්ජාවෙන් හිනා වෙන්න පටන් ගත්තා. හරිත් අසන ගීත අතරින් බෲනෝමාස්ගෙ ”ඉට් විල් රේන්” කියන ගීතයට වඩාත් ප‍්‍රියයි. හිෂාම් රොෂාන් ප‍්‍රනාන්දුගෙ ඔයා නිසා හඬලා ගීතයට පි‍්‍රයයිලූ.
මේ චිත‍්‍රපටය නරඹද්දි අද දෙන්නට මොක ද හිතෙන්නෙ? කියලත් අපි ඇහුවා.
ඒ ගැන නම් අපටම පුදුමයි. මේ අපි දෙන්න ද කියලත් හිතෙනවා. එදා ළමා වයසෙදි මෙය කළේ. අද අපි තරුණයෝ. ජීවිතේ හරි පුදුමයි.
මේ දෙන්නට මෙම චිත‍්‍රපටයෙ අමතකම නොවන දේ වලූත් ගොඩක් තියෙනවා. දවසක් එක්තරා දර්ශනයක දී හරිත්ට තිබුණෙ දිව ගොස් පිහිනුම් තටාකය අසල නතර වීමටලූ. නමුත් එය අමතක වෙලා හරිත් එක පාරටම තටාකයට පැන්නලූ. හිතා ගන්න හැකිනෙ !එතකොට වෙච්ච දේ?