(ටී.කේ.ජි.කපිල, දීපා අදිකාරි)
රන් ආභරණ තොගයක් ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (22) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මෙම රන් තොගයේ වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ හැත්තෑ පන් දහස් හාරසීයක් වේ. සැකකරු 27 හැවිරිදි කල්මුණේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.රන් ආභරණ අතර මාල, මුදු තිබූ බවත් එහි බර ග්‍රෑම් 255 කි.



