රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ඉල්ලා රතුපස්වල අවට ගම්මාන කිහිපයක ජනතාව ගෙන ගිය විරෝධයට සහාය දක්වමින් වැලිවේරිය, ඇඹරළුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මීට ටික වේලාවක පෙර නව නුවර මාර්ගය වැලිවේරිය හංදියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක් අරැඹූහ.
වැලිවේරිය නගරයේ කඩ සාප්පු වසා ඇති අතර බොහෝ කඩවල කළු කොඩි ඔසවා ඇත.
උද්ඝෝෂණයට පන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.
වැලිවේරිය පොලිසියට මීටර් පනහක පමණ දුරින් ඇරැඹි මේ උද්ඝෝෂණය නිසා දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.

