මින් මද වේලාවකට පෙර රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ එකසිය පනස් දෙනෙක් පමණ ආහ. ඔවුන් පැමිණයේ එහි රැදී සිටි පොලීසියට අමතරවය.
මහ වැස්සටද තෙමෙමින් කම්හල අසල රැදී සිටි ජනයා නොසන්සුන් බවක් දැක්වුහ.
විශේෂ කාර්ය බළකාය කම්හල ඇතුලට ගිය බවත් එහි සිටිතියි කියන සේවකයිනට ආරක්ෂාව සැපයීම අරමුණ බවත් දැනගන්නට ඇත.

