ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කම්හලේ ප්‍රශ්න ගැන නීතිපති උපදෙස් පතා ඇතැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමාසරු මහතා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතාට අද දැන්වීය.
කම්හල හා පොලිසිය සමග ඇති කර ගත් එකඟතාවයෙන් කම්හල ඉවත් වන බව නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කීවේය.කර්මාන්ත ශාලාවේ නඩත්තු කටයුතු සඳහා දස දෙනකුට පමණක් කම්හල තුළට යෑමට අවසර දීම හා අවශ්‍ය අවස්ථාවක ගමේ විද්වත් කමිටුවේ දස දෙනකුට කම්හල පරීක්ෂා කිරීමට ඉඩ ලැබීම එම ගිවිසුමයි.
නඩුව පවත්වාගෙන යෑමේ තේරුමක් නැතැයි කී අතිරේක මහේස්ත්‍රාත් නීතිපති උපදෙස් ලැබෙන තුරු ජනවාරි 30 වැනි දා තෙක් නඩුව කල් තැබීය.