රතුපස්වල කම්හල තාවකාලිකව වසයි


රතුපස්වල වින්ග්‍රොස් කම්හල පරීක්ෂණ අවසන් වන තුරු  වසා දැමීමට ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේදී තීරණය වී යැයි නීතීඥ පාලිත සේනාරත්න මහතා කියයි.

සති දෙකකට කම්හල වසා දමන ලෙසත්, කම්හල ගැන ආයතන දහයකින් වාර්තා කැඳවීමටත් ඒ සියලු පරීක්ෂණ අවසන් වන තුරු ගම්වාසීනට බවුසර මගින් ජලය සැපයීමටත් ආරක්ෂක අමාත්‍යංශයේදී තීරණය විය.