රතුපස්වල උපවාසය අවසන්


රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල සම්බන්ධයෙන් කමිටු වර්තා ලැබෙන තුරු එය වසා තබන බවත්, යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා පමණක් 85 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කම්හලට දිනපතා යන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියයි.

කම්හල වසා දමන්නැයි ඉල්ලා කම්හල ඉදිරිපිට දෙදිනක් තිස්සේ උපවාසයක යෙදී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව දැනුම් දීමෙන් පසු  මීට සුළු මොහොතකට කලින් ඒ හිමියෝ සිය උපවාසය අත් හළහ.

කම්හලේ වැඩකටයුතු පිරික්සීම සඳහා ගැමියන් ඇතුළු විද්වත් කමිටුවකට පොලිසිය ද සමග එහි යාමට අවසර දී ඇතැයි ද සේනානායක මහතා කීය.

(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)