රත්මලානේ නිවාස 16ක් මුහුදට බිලි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන විහාර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දුම්රියපොළ ආසන්නයේ මුහුද රළුවී වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස 16ක් පමණ විනාශ වී ඇතැයි රත්මලාන ප්‍රාදේශිය ලේකම් හේමසිරි පියතිලක මහතා පවසයි.

ඔවුන් සඳහා ඉඩම් ලබාදීමට හැකියාව නැති බවත් මේ වනවිට තාවකාලික ස්ථානවල ලැගුම්ගෙන සිටින එම නිවැසියන්ට වියළි සලාක ලබාදීමට කටයුතු කරන බවත් පියතිලක මහතා කීය.