රත්නාවලී බාලිකාවෝ බැඩ්මින්ටන් ජය දද බඳිති By None // 2012 නොවැ 01 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙම වසරේ පාසල් බැඩ්මින්ටන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ සමත් වූහ. විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය , ක්‍රීඩා බාර ආචාරිනී දීපානි ගුණරත්න මහත්මිය සහ ක්‍රීඩා පුහුණුකරු ඒ ජයග්‍රහණයන්ගේ නියමුවෝය. ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ඊ කොටසේ බාලිකා අනුශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලයයේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සමස්ත ලංකා පාසල් 15න් පහළ යුගල බැඩ්මින්ටන් තරඟාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට හිමි විය. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ද දිනාගත්තේ රත්නාවලි බාලිකා විද්‍යාල ශිෂ්‍යාවෝය. නුවර එළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් තරඟාවලියේ සී කොටසේ බාලිකා ශූරතාවය රත්නාවලි බාලිකා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත