රත්නපුර පොලිස් ප්‍රධානියෙක් වෙඩි තබා මරා දමයි


රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක (57) මහතා ඇළපාත ඔහුගේ වත්ත අසළදී අද උදේ 8.30ට වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. තවත් පුද්ගලයකුට ද වෙඩි වැදී ඇත. ඔහු නිවාඩු පිට සිටියදී මේ ඝාතනය සිදුවූ බවත්, ඉඩම් ආරවුලක් ඊට හේතුවන්නට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.