රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)
 
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ   සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන්  දාහත් දෙනා තව දුරටත් 20 වන දින දක්වා රිමාන්ඩ්  බන්ධනාගාරගත කිරිමට ගාල්ල  මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (06)නියෝග කළේය.
 

මෙසේ තව දුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවෝ දාහත් දෙනාවෙති.

ඒ අනුව විමර්ශන අවසන් නොමැති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. ඉදිරිපත්වු සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 20දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් සුමිත් (77667) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.