(අජන්ත කුමාර අගලකඩ)
යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් සඳහාද රණවිරු මූලික වැටුප විශ්‍රාම වැටුපක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.
ආබාධිත රණවිරුවන්ට සේවයේදී ලැබූ මූලික වැටුප විශ්‍රාම යාමෙන් පසුවද ගෙවීමට ඉකුත් දා කැබිනට් අනුමැතිය ලබාදී තිබිණි.
ඒ ආකාරයටම රණවිරුවන්ගේ මූලික වැටුප යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ට ද ගෙවන ලෙස ඉල්ලා මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරු පිරිසක් ඉකුත්දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටද උපවාසයක් ද කළහ.

