(විනීතා එම් ගමගේ)
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් එක් අයකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් බැගින් ලබාගත් ජාවාරම්කරුවෙකු ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම වංචාව සිදුකරමින් රුපියල් කෝටි ගණනක් වංචා කර ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ ලියාපදිංචි රැකියා ඒජන්සි හිමිකරුවෙක් යැයි කාර්යංශය කියයි.
එම ලියාපදිංචි රැකියා ඒජන්සි ආයතනය වෙත ජපන් රාජ්‍යයට පුද්ගලින් යැවීම සඳහා රැකියා ඇණවුමක් නොමැති අතර මෙම ආයතනය විසින් 2015 වර්ෂයේ සිට කිසිදු පුද්ගලයෙක් විදෙස් ගතකර නොමැති බව පරීක්ෂණ වලින් අනාවරණය විය.
මෙම වැටලීම, උපාය දුතයෙක් යොදවා ජපන් රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් එම විදේශ රැකියා ඒජන්සි ආයතනය සමඟ සබඳතා ගොඩනගමින් ජපන් රැකියාවක් ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි ලබාදීමට අදාල විදේශ රැකියා ඒජන්සියට ගිය අවස්ථාවේදී ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

