සොරකම් කළ වත්කම් ලබාගැනීම සඳහා ලෝක බැංකුව විසින් පිහිටවූ අංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ නිලධරයන් හා පොලිසිය සමග සාකච්ඡා කර යළි දිවයිනට පැමිණ සිටී.
මහින්ද රාජපක්ෂ රජයේ නායකයන් සතු විදේශ වත්කම් ගැන ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට මේ කණ්ඩායම පැමිණ සිටිති. පරීක්ෂණවලට සම්බන්ධ පොලිස් නිලධරයන් ඔවුන් මෙතෙක් කළ පරීක්ෂණ ගැන එම කණ්ඩායම දැනුවත් කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා නිලධරයන් ක්‍රියා කරන බව දැනගන්නට ඇත.

