පළාත් සභා ඡන්දයේ නාම යෝජනා බාරදුන් දිනයේ සිට බ්‍රහස්පතින්දා (5) දක්වා කුරුණෑගලින් පමණක් මැතිවරණ පැමිණිලි 200ක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. වයඹ, මධ්‍යම හා උතුරු පළාත් වලින් ලැබුණු පැමිණිලි ගණන 375කි. යාපන කයිට්ස් දූපතේ ප්‍රචාරක වැඩට කිසිදු දේශපාලන පක්ෂයකට ඉඩ දී නැතැයි ද සන්ධාන පාර්ශවකරුවකු වන ඊ.පි.ඩී.පීයේ එහි තනි බලය පවත්වාගෙන යන බව ද එම ජාලය පවසයි. රාජ්‍ය සම්පත් හා දේපොළ සන්ධාන අපේක්ෂක ජයග්‍රහණය පතා යොදවන බව ද පොලිසියේ පක්ෂපාති ක්‍රියා කලාපය නිසා නිදහස් සාධාරණ මැතිවරණයකට ඇති ඉඩකඩ ක්‍රමයෙන් ඇහිරී යතියි එහි ප්‍රධාන විධායක උදිත ගුණසේකර කියයි.