රජරට වකුගඩු රෝගීනට වන්දි ඉල්ලයි


රජරට දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගයට හේතුව ආසනික් ඇතුළු විවිධ කෘෂි රසායන බවත්, ඒවා මෙරට කෘෂිකර්මාන්තයට හඳුන්වා දුන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මීට වගකිවයුතු හෙයින් එම වකුගඩු රෝගීන්ට වහා වන්දි ලබා දිය යුතු බවත්, එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව ස්වර්ණහංස පදනමේ මෙහෙයවීමෙන් කළ සාමකාමී උද්ඝෝෂණයක් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද පැවැත්විණි.