රජයේ සේවක දීමනාව වැටුප් වැඩිවීමක් නොවේ


දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලූ රාජ්‍ය සේවකයාගේ බලාපොරොත්තු මෙවර අයවැයෙන් සුණු විසුණු කර දමා ඇතැයි ද, වැටුප් කොමිෂන් සභා පත් කිරීමට තිබුණේ අය වැයට පෙර බව ද, අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ වැටුප් වැඩිකිරීමක් යනු මූලික වැටුපට එකතු කිරීමක් මිස දීමනාවක් නොවන බවයි.