රංජන් කස්තුරි
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ. එහි මහා සභා රැස්වීම හෙට (19) දහවල් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.
මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් වසර දෙකක පමණ කාලයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා කලකිරීමට පත් වෛද්‍යවරුන් විශාල පිරිසක් තම සංගමය සමඟ එක්ව සිටින බව ද ඔහු පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

