රජයේ යෝජනාව පරදී


උතුරුමැද පළාත් සභාවේ සභාපති ලෙස ඞී.එම්.ආර්. සිරිපාල මහතා වැඩි ජන්ද එකොලහකින් අද තේරී පත්විය. එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී අනිල් රත්නායක මහතා ඔහුගේ නම යෝජනා කළ අතර එජාපයේ ඞී.ඇම්. අමරතුංග මහතා ස්ථිර කෙළේය. ඔහුට ජන්ද 21ක් ලැබිණි. අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න මහතා පොලොන්නරු දිසාවෙන් පත් වූ අමරකීර්ති අතුකෝරාල මහතාගේ නම යෝජනා කළ අතර ඇමැති එච්.බී. සේමසිංහ ස්ථිර කෙළේය. ඔහුට ජන්ද 10ක් ලැබිණි. උප සභාපති ලෙස ජයන්ත මාරසිංහ මහතා ජන්දයකින් තොරව පත්විය. හිටපු මහ අමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා පසුපෙළ ආසනයකට වී සිටියේය. පළාත් සභාව ලබන 10 වැනිදා තෙක් කල් තැබිණි. පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයට ජන්ද 21ක්ද විපක්‍ෂයට 12ක්ද හිමි විය. අද පැමිණි මන්ත්‍රීන් සංඛ්‍යාව තිස් දෙදෙනෙකි. එයි එක් මන්ත්‍රීවරයකු ඡන්දය දී නැත.