රජය සතු ආයතනවල සේවකයන්ට ප්‍රසාද දීමනා දෙන්න අනුමැතිය


(නාලක සංජීව දහනායක)
 

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල සඳහා මෙම වසර සඳහා ප‍්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබේ.
 
එයට අදාළ චක‍්‍රලේකය මහා භාණ්ඩාගාරය විසින් සියලූම අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියලූ ව්‍යවස්තාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇත.
 
ඒ අනුව පසුගිය වසරේ ගිණුම් මූල්‍ය වාර්තා පදනම් කරගෙන ඒ අකාරයටම සියලූ කාර්ය මණ්ඩල වෙත මෙම වසරේදිත් ප‍්‍රසාද දීමනා ගෙවන ලෙසට මහා භාණ්ඩාගාරය උපදෙස් දී තිබේ.
 
ආයතනවලට අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කර නොමැති අවස්තාවකදී වුවද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලූ ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මෙම වසරේ ප‍්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවන බවද මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.