රජය අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ.


රජයේ උත්සාහය අදිකරණයේ ස්වාධීනත්වය සුරැකීම බවත් රජය එසේ කරන්නට යනවිට ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණ නිදහස නැතිකරතියි කෑ ගසන බවත් මහින්ද රාජපක්ෂ ජනපති අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කළේය. ‘‘විනිශ්චයකාරවරුන්ට අපේ රටේ ලොකු ගෞරවයක් තිබෙනවා. නඩුකාර හාමුදුරුවන් යනුවෙන් අමතන්නේ ඒ නිසා. ජනාධිපති හාමුදුරුවන් ලෙස අමතන්නේ නැහැ. විනිසුරුවරුන් තම කාර්යයෙන් බැහැරව ආර්ථික වාසි තකා ක්‍රියා කළහොත් මිනිසුන් බලාපොරොත්තු වන යුක්තිය ඉටුවන්නේ නැහැ. රජය උත්සාහ කරන්නේ එවැනි දේට ප්‍රතිකර්ම යෙදීමයි. එය අධිකරණයට ඇඟිලි ගැසීමක් නොවේ.‘‘ ජනපති මේ අදහස් ප්‍රකාශ කළේ රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පලකළ පොත් කිහිපයක් දොරට වැඩීමේ උත්සවයකදී ය.