රජත මයුර සම්මානය ලංකාවට By None // 2012 දෙසැ 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 43 වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල‘ ඔබ සමග ඔබ නැතුව‘ චිත්‍රපටයේ රඟපෑ ඉන්දියා නිලි අන්ජලී පටිල් හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය දිනා ගත්තාය. මෙම සම්මානය සමග ඉන්දියානු රුපියල් දස ලක්ෂයක හෙවත් ලංකා මුදලින් රුපියල් විසිතුන් ලක්ෂයක් ඇයට හිමි විය. ශ්‍රී ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිත ශ්‍යාම් ප්‍රනාන්දු සහ වසන්ත මොරගොඩ රගපෑහ. හොඳම නළුවා ලෙස පෝලන්ත රුසියන් ජර්මන් සම නිෂ්පාදනයක් වූ ‘රෝසමල‘ චිත්‍රපටයේ රඟපෑ මාර්සින් ඩොරසින්ස්කියට හිමි විය. මෙවර උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස ස්වර්ණ මයුර සම්මාන දිනාගත්තේ පන්ජාබ් භාෂාවෙන් නිෂ්පාදිත ‘අන්ධ අශ්වයාට දානයක්‘ චිත්‍රපටයයි. ඉන්දියා රජයේ ජාතික චිත්‍රපට ප්‍රවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනයක් කළ එය ගුර්වින්දා සිං ය අධ්‍යක්ෂණය කෙළේය. හොඳම අධ්‍යක්ෂ සම්මානය දකුණු කොරියාවේ ක්වියු හුවාන් ජෝන්ට හිමිවිය. ගෝවේ නුවරදී පැවැත්වුණු මේවසරේ සිනමා උළෙලේ තවත් විශේෂ ලක්ෂණයක් වුයේ බෞද්ධ කතා තේමාවන් ඇතුලත් සිනමා පට සඳහා වෙනම අංශයක් ඇතුළත කර තිබීමයි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කල ඉන්දියාවේ ප්‍රවෘත්ති සහ සන්නිවේදන ලේකම් උදය කුමාර් වර්මා පැවසුවේ බුදුදහමෙහි ඇති පරම විඥානය ලෝකයාට පෙන්වාදීමට දැන් හොඳම කාලය බවයි. මේ සඳහා සිනමාව මෙවලමක් ලෙස යොදා ගැනීම ඉතාම වැදගත් මෙන්ම සුදුසු වන බැවින් මෙවර සිනමා උළෙලට බෞද්ධ චින්තනය ඉස්මතු කෙරෙන සිනමා නිර්මාණ ඇතුලත් වෙනම අංශයක් අන්තර්ගත කිරීමට තීරණය කල බව ඔහු පැවසුවේය. තරඟකාරී අංශයෙන් බැහැරවූ බෞද්ධ චිත්‍රපට අඅංශයට ඉන්දියාවේ සහ ලෝකයේ විවිධ රටවල නිෂ්පාදිත සිනමා කෘතීන් නමයක් ඇතුලත්විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත