රජ කුමරාට නම් තබයි


විලියම් කුමරුගේ හා කේට් කේම්බ්‍රිජ් ආධිපාදවරියගේ පුතා ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී ලෙස නම් කර ඇත.

ඔහු කේම්බ්‍රිජ්හි රාජකීය මහෝත්තම ජෝර්ජ් කුමාරයා ලෙස හැඳින්වනු ඇත.

කෙන්සින්ටන් මාළිගය මෙම නම ප්‍රකාශයට පත් කළේය.

ජෝර්ජ් කුමරු බ්‍රිතාන්‍ය සිහසුනේ තෙවන උරුමක්කාරයා වන්නේය.

ජෝර්ජ් රජවරු හය දෙනෙක් බ්‍රිතාන්‍යයේ රජ කළහ.

හය වැනි ජෝර්ජ් එළිසබෙත් රැජිනගේ පියාය.

පළමුවැනි ජෝර්ජ් රජු (1714) ජ්ර්මනියේ උපන්නේය.

දෙවැනි එළිසබෙත් රැජින කෙන්සින්ටන් මාළිගයට ගොස් සිය මී මුණුබුරා දැකගත්තේය.

ජොර්ජ් යන නම මහ රැජිනගේ පාර්ශ්වයෙන් ද, ඇලැක්සැන්ටර් යන නම කේට් කුමරියගේ පාර්ශ්වයෙන් ද ගන්නට ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුල ගැන දන්නා විචාරකයෝ කියති.

මධ්‍යතන යුගයේ ස්කොට්ලන්ත රජවරුන් කිහිප දෙනෙක් ඇලෙක්සැන්ඩර් යන නමින් හැඳින්විණි.

රජ පවුලේ සම්ප්‍රදාය ගරු කරමින් පුතාට නම තබා ඇතැයි ද ඔවුහු කියති.

රජකුමරාගේ නමට ඔට්ටු ඇල්ලිණි.

එක් ඔට්ටුකරුවෙක් ඔට්ටු 3400ක් බාර ගත්තේය. ඒ ජොර්ජ් යන නම වෙනුවෙනි.

ඔට්ටු ජයගත්තවුනට බුකිකාරයෝ පවුම් අංක හයේ ඉලක්කම්වලින් මුදල් ගෙවූහ.