මහනුවර දළදා පෙරහර අවසානයේ මගවැලි ගඟේ දිය කපා පැන් රැගෙන ආ රිදී කෙණ්ඩිය සොරකම් කළැයි කියන සපත්තු මසන්නකු එම කෙණ්ඩියද සමඟ අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කියයි.
දිය කැපීමෙන් පසුව කෙණ්ඩිය පහකට පැන් ගෙන ඒම සිරිතක් බවත් කතරගම දේවාලයේ මෙම කෙණ්ඩිය රජ කාලයේ සිට පැන් ගෙන ඒමට භාවිත කළ බවත් දළදා මාලිගා ප්‍රකාශකයෙක් කියයි.