( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමානායක මහතාට එරෙහිව ගොනු කර ඇති පළමුවැනි අධිකරණ අපහාස නඩුවේ වාචික දේශන දැක්වීම ලබන පෙබරවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 4) දින නියම කළේය.
ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්පූර්ණ නොමැතිවීම හේතුවෙන් නඩුව මෙදින දක්වා කල් තැබිණි.
මෙම අධිකරණ අපහාස නඩුව සිසිර ද ආබෲ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ද්වි විනිසුරු මඩුල්ලක් හමුවේ අද( 04)සලකා බැලිණි. විශ‍්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත‍්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.
රංජන් රාමනායක මහතා එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.
විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල,වලව්වත්ත පාර්,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.

