තිලිණි ද සිල්වා
නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටින වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට හා ව්‍යාපාරිකයෙකුට එරෙහි නඩු විභාගය අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ආරම්භ විය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ ව්‍යාපාරිකයාට එරෙහිව ඇති අධි චෝදනාව අධිකරණ භාෂා පරිවර්තකවරයා විසින් කියවා දෙනු ලැබීය.
නඩුවේ පළමු හා දෙවන සාක්කිකරුවන් සාක්කි දීමට උනන්දුවක් නොමැති බව දැනුම් දී ඇති බැවින් සහ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට නියමිතව බැවින් සාක්කි විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස විත්තියේ නීතීඥ සාවිත්‍රි ප්‍රනාන්දු මෙනවිය ඉල්ලා සිටියාය.
පැමිණිල්ලේ සාක්කිකරුවන් දෙදෙනා ඒ බව දිවුරුම් ප්‍රකාශ මඟින් නීතිපතිවරයාට දන්වා ඇති බවත් ,ඒ සම්බන්ධව කරුණු අධ්‍යනය කරමින් පවතින බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කියා සිටියේය. එසේම පැමිණිලිකරුවන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ ස්වේච්ඡාවෙන් ද යන්න ගැන කරුණු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

