රංගිරි දඹුලු ලෙන් පුරාවස්තු රැකගන්නවා - අකිල විරාජ්


(රංජන් කස්තුරි)

දේශපාලනික වශයෙන් සියදිවි නසා ගැනීමක් වුවද රංගිරි දඹුලු ලෙන් පුරාවස්තු රැකගැනීමේ අභියෝගයට මුහණ දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මසකට කෝටි 20ක ආදායමක් විදේශිකයින්ගේ ප්‍රවේශ පත්‍රවලින් උපයා ගත්තත් මසකට ලක්ෂ 29ක් පමණ මුදලක් ලැබෙන බව වාර්තාවලට ඇතුළත් කර තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

වසර ගණනාවක් තිස්සේ කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ද ඊට බලධාරීන් ද තවත් පාර්ශව කිහිපයක් ද හවුල් වී ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.