යෝෂිත ලූතිනන් කමාන්ඩර් නිලයට


ඉන්දිකා රාමනායක

නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා  තාවකාලික  ලූතිනන් කමාන්ඩර්   නිලයට  උසස් කර නාවික හමුදා මුලස්ථානයට  අනුයුක්ත කර ඇති  බව  නාවික හමුදාව  පවසයි.

 ඒ මහතාගේ සමකාලිනයින්   දැනට ලූතිනන් කමාන්ඩර් ස්ථිර නිලයට  උසස් කර ඇති හෙයින්  යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලිකව එම නිලයේ පිහිටුවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක  ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා කීය.

ඉදිරියේ එම නිලය සඳහා අවශ්‍ය මුලික සුදුසුකම්  සපිරීමෙන් පසුව ඒ මහතා  ස්ථීර ලූතිනන් කමාන්ඩර් නිලයේ පිහිටුවන බව  නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

 මුදල් විශූද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන  විමර්ශන   බාධාවකින් තොරව සිදුකරගෙන යාම සඳහා   ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි  2016.2.28 දින යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවා තිබිණි.

යෝෂිත රාජප්කෂ මහතාට ඇති චෝදනා ඔප්පුවී නොමැති හෙයින්  ඒ මහතා  යළිත් නාවික හමුදා සේවයේ  පිහිටුවන ලෙසට ඉල්ලා ඉකුත් (23) දින සේනාධිනායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත යොමු කළ ලිපියක් යොමුකර තිබිණි.

අනුව නාවික හමුදාපතිවරයා විසින් ඉකුත් (23) දින එම ලිපියට අත්සන් තැබීමෙන් පසුව 2016.2.28 දින සිට බලපැවැත්වෙන පරිදි  යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවා තිබුණි.