යෝෂිත රහස් පොලිසියට


(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10  ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

සිරිලිය පදනම වෙත ලබා දී තිබු ඩිෆෙන්ඩර් රථයක වර්ණ අවස්ථා කිහිපයකදීම වෙනස් කර  පරිහරණයට ලබා දුන් ආකාරය සම්බන්ධයෙන්  ප‍්‍රකාශ ලබා ගැනීමට  ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.