යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සිව්දින යුරෝපා සංචාරයක් සදහා පැමිණ ඉරිදා නැවත ශ්‍රි ලංකාව බලා පිටත්විය.
ඔහුගේ සංචාරය පිලිබදව එසැණට වර්තා වුවද රෝම තානාපති නිලධාරියෙකු කාරුණිකව ඉල්ලා සිටියේ කිසිදු ආරක්ෂාවක් නොමැතිව ඔවුන් මෙහි පැමිණ සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පතා ඉතාලියෙන් පිටත්වනතුරු පුවත්පත් වර්තා පළ නොකරන ලෙසයි.
පසුගිය බදාදා ජිනිවා සිට 71123 දරන අලිතාලියා ගුවන් යානයෙන් රෝමයට පැමිණි යෝෂිත ඇතුළු පිරිස රෝමයෙන් මිලාන් නුවරටත් එතනින් ප්‍රංශයටත් ගොස් එමිරෙට්ස් ගුවන් යානයෙන් නැවත ලංකාව බලා පිටත්විය. මෙම මස අවසානයේදී නාපොලි නගරයේ පවත්වන එල්ලේ තරගාවලියක් වෙනුවෙන් යොෂිත රාජපක්ෂ මහතා සහභාගි වන බව සංවිධායකයින් විසින් ප්‍රචාරය කළද යෝෂිත ඇතුළු පිරිස නාපොලි නගරයට නොගොස් නැවත ශ්‍රි ලංකාව බලා පිටත්ව ගියේය.