නිව් යෝර්ක් නගරයේ කොවිඩ් රෝගය නැවත හිස එසවීම හේතුවෙන් සැප්තැම්බර් 20 වෙනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 77 වෙනි සැසිවාරයට සහභාගී වන නියෝජිතයන් පිරිස 3 ත් 5 ත් අතර ප්‍රමාණයකට සීමා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තම සාමාජික රටවල් 193ට දැනුම් දුන්නේය.
විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුලදී සහ දේශපාලන නායකයින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කරන අවස්ථාවේ නියෝජිතයන් පිරිස 3 ත් 5ත් අතර විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
වැදගත්ම ප්‍රශ්නය නම් මෙවර එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 77 වෙනි සැසිවාරයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජනාධිපතිවරයාද,විදේශ කටයුතු අමාත්‍යවරයාද එසේත් නැතිනම් තානාපතිවරයාද යන වග සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලන සැසිවාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් 132 ක් පමණ සහභාගී වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඉන් වැඩි පිරිස මහජනයාගේ බදු මුදල්වලින් නිවාඩුවක් ගත කිරීම පිණිස නියෝජිතයින් ලෙස සහභාගී වන බවත් ඔවුන් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන නරඹමින්,ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගෙන් වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගනිමින් සහ සුදු කෙළිමින් කල් ගත කරන බවත් එසේත් නැතිනම් ඇමෙරිකාවේ සිටින තම නෑදෑයින්,මිත්‍රයින් බැහැදැකීමට යන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.
මෙම වසරේත් එසේ විශාල නියෝජිතයින් පිරිසක් සහභාගී කරවීමට ශ්‍රී ලංකාව තීරණය කළහොත් එම නියෝජිත පිරිසෙන් කොපමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටි දැයි කිව නොහැකි බවට හාස්‍ය උපද්දවන සටහනක් සමාජ මාධ්‍යයන්හි සැරිසරන බවද එම පුවත්පත ප්‍රකාශ කළේය.

