යූ.එන්.පී. මන්ත්‍රීට විදුලිය දීලා කපලා
එක්සත් ජාතික පක්ෂයේ දමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලාල් ගුරුසිංහ මහතා අද සිය නිවසට විදුලි බල මණ්ලයෙන් විදුලිය ගෙන පැයකට පසුව එහි ආ සන්ධාන මන්ත්‍රීවරයකු එම මිදුලිය සිඳලන ලෙස විදුලි සේවකයන්ට අණ කළේය. විදුලි සේවකයෝ සැපයූ විදුලිය විසන්ධි කළහ.
විදුලි බල මණ්ඩලයට මුදල් ගෙවා නීත්‍යානුකූලව ලබාගත් විදුලිය විසන්ධි කරන්නේ ඇයිදැයි ඔහු විදුලි බල මණ්ඩලයෙන් ප්‍රශ්න කරයි. මෙම සන්ධාන මන්ත්‍රීවරයා දුරකථනයෙන් සම්බන්ධකැර ගැනීමට නොහැකි විය.

