යූ.එන්.පී. ප්‍රා මන්ත්‍රීට විදුලිය අහිමි කිරීම ජනපතිට කියනවා


අම්පාරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීට විදුලි බල මණ්ඩලයෙන් සැපයූ විදුලිය අහිමි කළ සන්ධාන මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට පැමිණිලි කරන බව විදුලි ඉංජිනේරුවකු ද වන ජ්‍යේෂ්ඨ ඇමති පී.දයාරත්න මහතා කියයි. ඇමතිවරයා පැවසුවේ විදුලිය ගැනීමට මණ්ඩලයට මුදල් ගෙවපු පුද්ගලයකුට මෙසේ අවහිර කිරීමේ සිද්ධියක් තමා මීට පෙර නොඇසූ බවයි. අද රාත්‍රී වනතුරුත් මන්ත්‍රී නිවසට විදුලිය ලැබුණේ නැත.