ලක්ෂම්බර්ග්හිදීය (රොයිටර්)
අසාදු ලේඛන ගත කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණයක් අද (25) කටයුතු කළේය.
2009 වසරේදී ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානයට ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් තිබෙන බවට කිසිදු සාක්ෂියක් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර නැතැයි ද එම අධිකරණය සඳහන් කරයි.
එම නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ අරමුදල් අත්හිටුවීම නවතා දැමීමට කටයුතු කරන බව අධිකරණය ප්‍රකාශ කර ඇත.
වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුව නිර්මාණය කරන ලදි. ඉකුත් ජනවාරි මාසයේදී එම ලැයිස්තුව අවසන්වරට යාවත්කාලීන කරන ලදි. එහිදි පුද්ගලයන් 13 දෙනකු සහ සංවිධාන 22ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස අසාදු ලේඛනගත කරදු ලැබීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය 2006 වසරේදී මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
055

