(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර පළාතොට නිවසක් වටළා යුද හමුදා ඇඳුම් තොගයක් ,ටී56 උණ්ඩ ඇතුළු උණ්ඩ 12ක් සමග හිටපු යුද හමුදා සෙබළකු අද (24) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ඒ සමග තිබී වෙනත් පුද්ගලයකුට අයත් යුද හමුදා රාජකාරී හැඳුනුම්පතක් ද සොයාගත් බව කියැවේ.
ඒ අතර නිල ඇඳුම් පහක් කොටි දත් 02ක් ද තිබී ඇත.




