යුක්රේන යුවළකගේ බොරු පැමිණිල්ල අතේ පත්තුවේ


තමා ළඟ තුබූ රුපියල් තුන් ලක්ෂ හැට පන්දහසක්  නැති වී යැයි ඉඳුරුව පොලිසියට පැමිණිලි කළ යුක්රේන යුවළ ළඟම තිබී එම මුදල් සොයාගත් බව කොස්ගොඩ පොලිසිය කියයි. ඉඳුරුව අතුරුවැල්ලේ හෝටලයේ දී තම මුදල් නැති වූ බවත් ඔවුන් පොලිසියට කීය. පොලිසිය පැමිණිලිකරුවන් ගැන සැක පහළ කෙළේය. ඒ අනුව මුදල් සොයා ගැණිනි. හෝටලයේ කීර්ති නාමය රැකදීම ගැන හෝටල් හිමියා කොස්ගොඩ පොලිසියට ස්තූතිය පළ කරයි.