වසර 23කට පසු යාල්දේවි දුම්රිය ඕමන්තේ සිට කිලිනොච්චිය බලා අද පැයට කිලෝමීටර් 120 වේගයෙන් ගමන් කෙළේය. විශේෂ දුම්රියේ විශේෂ මගියා වු මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.
චීන්යෙන් ගෙන් වූ විශේෂ මැදිරියක ජනපති ගමන් කෙළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා දුම්රියේ ගමන් කරමින් එසැනට පැවැසුයේ එම විශේෂ මැදිරිය ද දිනපතා ගමනට එක් කරන බවයි.
30 අවුරුදු යුද්ධයේදී කොටි ත්‍රස්තවාදීන් මෙම මගේ පීලි ද සිලිබර කොටන්ද බංකර තැනීම සඳහා යොදා ගත්තේය. අද එම මගේ තැන තැන ජාතික කොඩි ඔසවා තිබිණි. මාර්ගය ද සරසා තිබිණි. ලබන අප්‍රේල් පමණ වන විට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධානය කිරීමට රජය බලාපොරොත්තු වේ.

