යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට අයත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියෙන් අක්කර 7 ක් පමණ නීති විරෝධී ආකාරයට අත්කරගෙන උක් වගා කිරීමට බිම සකස් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව වැල්ලවාය වන ජීවි නිලධාරීහු කියති.
වැටලීමේදී එක් සැකකරුවකු පළා ගොස් ඇතැයිද යාල වනෝද්‍යානය මායිම්වන කුඹුක්කන් ඔයේ අනවසරයෙන් පතල් කැනීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත් අඩංගුවට පත්ව ඇතත් අනවසරයෙන් පතල් කපන ලද පතල් හමුවී ඇති නමුත් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකිවී ඇත.










