යාපන විනිසුරුට එල්ලකළ ප්‍රහාරය ජනපති හෙළාදකියි


යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතාට ඊයේ(22) සවස  නල්ලූර් ප‍්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප‍්‍රහාරය හෙළා දකින බව ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ප‍්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව ද පළ කරන බව ජනපති කියයි.

මෙම සිදුවීම සමග විනිසුරුවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ  දැඩි අවධානය යොමු කළ ජනපති සියලූ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස   පොලිස්පතිවරයාට  උපදෙස් දුන්නේ ය.

එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ද ජනපති පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.

පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥාතීන්ට සිය බලවත් කනගාටුව පළකළ ජනපති තම රාජකාරිය නිසිලෙස ඉටුකරන මෙවන් නිලධාරින් සමස්ථ රාජ්‍ය සේවයටත්, පොලිස් දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක් බව ද සඳහන් කරයි.