යාත‍්‍රාවට ගැසූ අය අල්ලන්න ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි


කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 14 වැනිදා මුහුදු ගිය බහුදින යාත‍්‍රාව පැහැරගෙන විදේශ රටකට යෑමට තැත් කළැයි කියන 14 දෙනා අත්අඩංගුවට ගැනීමට තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කෙළේය. මේ පිරිස අතර ගැහැණු කිහිප දෙනෙක්ද වෙති. ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් වරෙන්තු ක‍්‍රියාත්මක කරන බව රහස් පොලිසිය කියයි. එම බෝට්ටුවේ සිටි හය දෙනෙක් පහරකෑමට ලක්වූහ.