යාත්‍රාව කොල්ල කෑ හතක් හඳුනා ගැනෙති
තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය චේජාන් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිසක් කපා කොටා මුහුදට දමා යාත්‍රාව පැහරගෙන ඕස්ට්‍රේලියාවට හොරෙන් ගිය අට දෙනාගෙන් හත් දෙනෙක් තංගල්ල මහේස්ත්‍රාත් උසාවියේ දී අද හඳුනාගනු ලැබූහ.
මහේස්ත්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය ඉදිරියේ පෙරට්ටුව පැවැත්විණි.
අජිත් කුමාර, රංජිත් නිශාන්ත, කේ.එච්. සංජීව, සම්පත් කුමාර, රත්න උත්පල අමරවීර, පී.එච්. දයානන්ද හා සිසිර කුමාර හඳුනාගත් සැකකරුවෝය.
ඔවුහු ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

