යාඥා මධ්‍යස්ථාන දෙකක් දෙසතියකට වැසේ


පරීක්ෂණයක් පවත්තා තීරණයක් ගන්නා තුරු හික්කඩුව බද්දේගම පාරේ ද  ඒ සමීපයේ ද පිහිටි  යාඥා මධ්‍යස්ථාන  දෙකක් දෙසතියක් වසා තැබීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ  ගාලු පාරේ වාහන තද බදය අවසන් විය.

මෙම මධ්‍යස්ථානය වසර 16 ක් පැරැණි යැයි පාස්ටර්වරයා කියා ඇතැත් එය නිවැරදි නොවන බවත් වරිපනම් ගෙවීම අරඹා ඇත්තේ 2012 දී පමණ බවත් විරෝධයට එක් වු හිමිවරු කියති.

තම මධ්‍යස්ථාන දෙකටම අලාභ හානි සිදු වී ඇතැයි ප්‍රසන්ත පාස්ටර්වරයා හික්කඩුව පොලීසියට පැමිණිලි කැර ඇත.