යන්නෙ කොහෙද මල්ලෙ පොල්


රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේත වන ස්ථූපයට ගොඩ වූ බවත් යුද හමුදා කෝප්‍රල් ඩබ්ලිව් එම් වීරසිංහ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය හමුවේ ප්‍රකාශ කළාය.

ඔහු පසුගිය 17 වැනිදා ජේතවන ස්ථූපයේ මුදුනට ගොඩ වී ඇත.

එහි උස අඩි 408කි. සැකකරු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහු මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.