යතුරුපැදිකරු ඇමති පරිවාර රියේ හැපේ


වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සලසමින් ගමන් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිවාරක රියක මහරගම හංදියේදී යතුරුපැදියක් හැපීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබීය. පොලිස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය.