ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ කටුකුරුන්ද මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේ 125 සී.සී. යතුරු පැදි ඉසව්ව ජය ගැනීමට හේෂාන් පසිඳු වීරසිංහ සමත්විය.
නුවරඑළිය ධාවන පථය කේන්ද්‍රකර ගනිමින් පුහුණුවීම්වල නිරතවන හේෂාන්, 19 හැවිරිදි වියේ පසුවන යොවුන් ක‍්‍රීඩකයෙකි. ප‍්‍රියාන් සැමුවල් 125 සී. සී. යතුරු පැදි ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගත් අතර තුවාන් පි‍්‍රන්ස් එහි තෙවැනි ස්ථානය ලැබීය.
නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන හේෂාන්, දිවයිනේ ප‍්‍රධානතම මෝටර් රථ හා යතුරුපැදි තරගවලට සහභාගිවෙමින් ජයග‍්‍රාහණ ලබා තිබේ.
