මතුගම යට දොළ කාලි අම්මාන් කෝවිලේ භාර ඔප්පු කළ අයට සතුන් දේවාලයට භාර දී බිලි පූජාව ඇරැඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය.
අද බිළි පූජාවට පොලිසියෙන් ඉඩ නුදුන්නැයි කියමින් දහසකට වැඩි පිරිසක් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා නායකත්වය දුන්නේය.
උද්ඝෝෂණයෙන් පසු බිලි පූජාව ඇරැඹිණි.
භාර ඔප්පු කිරීම සදහා කුකුළන් සහ එළුවන් එහිදී බෙලි කපා මරන බව කියති.
දරුවන් නැති අම්මලා දරුවන් පතා මේ කෝවිලට භාරහාර වෙති.