යක්කලමුල්ලේ ගැට කිඹුලා ලුණුගම්වෙහෙරට
යක්කලමුල්ල මාගෙදර ට ආ අඩි 14 දිගැති ගැට කිඹුලකු ගම්වාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට දෙනු ලැබීය. වන ජීවී නිලධාරීන් පවසන්නේ යක්කලමුල්ලෙන් මෙතරම් විශාල කිඹුලකු මින්පෙර වාර්තා නොවූ බවයි. යක්කලමුල්ල, ඉමදුව ඔස්සේ ගලාබසින පොල්අතුමෝදර ගඟෙන් මෙම කිඹුලා පැමිණෙන්නට ඇතැයි අනුමාන කෙරේ. කිඹුලා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට ගෙනගොස් රැගෙන යාමට නියමිතය.

